ලකී පැචර් භාවිතයෙන් ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැක් කරමු

           
 


        හායි කොහොමද ඔයාලට, මම අද කතා කරන්න හදන්නේ ලකී පැචර් ඇප් එක පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක් හැක් කරන විදිය. ගේම්ස් හැක් කරනවට අමතරව මේ ඇප් එකෙන් ගොඩක් දේවල් අපට කරන්න පුලුවන්. ඒ දේවල් ගැන අපි ඉදිරි පෝස්ට් වලින් කතා කරමු. හරි අපි මේ වැඩේ කරන්න කලින් මේ ලකී පැචර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ නැහැ. ඒ නිසා මම මේ පහල දීලා තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
Download Lucky Patcher
 හරි දැන් ඔයාලා ලකී පැචර් ඩවුන්ලෝඩ් කරගත්තනේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත ලකී පැචර් ඒපීකේ ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න. 



හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ඉන්ස්ටෝල් කරගත්ත ලකී පැචර් ඇප් එක ඕපන් කරගෙන පහල ස්ක්‍රීන්ශොට් එකේ තියෙනව වගේ ඔයාලට හැක් කරන්න ඕන ගේම් එක ටච් කරලා සිලෙක්ට් කරගන්නයි.


හරි දැන් ඔයාලා මේ ගේම් එක සිලෙක්ට් කරගත්තම මේවගේ ඔප්ශන්ස් ලිස්ට් එකක් එයි. දැන් ඔයාලට පේනවා ඇති මේ ලිස්ට් එකේ තියෙනව 'Open menu of patches' කියලා, 


ඔයාලා මේ ඔප්ශන් එක ටච් කලාම ඔයලට එයි මේවගෙ එක ඔප්ශන් එකක්. 'Create modified apk file' කියලා


ඒකත් ටච් කරල බලනකොට මෙන්න ඔයාලට තව ඔප්ශන්ස් ටිකක් එනවා. මේව 5න් අපි තෝරගන්න ඔන මෙන්න මේ 'APK rebuild for inApp an LVL emulation' කියන ඔප්ශන් එක තමයි.


මේ ඔප්ශන් එක බැලුව පේනව ඔයාලට මේකෙන් වෙන්නේ මෙ ඒපීකේ එක රීබිල්ඩ් වීමක්. ඒ කියන්නෙ නැවත සැකසීමක්. හරි අපි ඒ ගැන පස්සේ කතා කරමු දැන් ඔයාලට මේ ඔප්ශන් එක ටච් කලාම ඩයලොග් බොක්ස් එකක් එනවා, පහල තියෙන විදිහට.


මේකේ ඔයාලට පේනව 'Support patch for LVL emulation' , 'Support patch for InApp emulation' කියලා ඔප්ශන් දෙකක් තියෙනව මුලින්ම. මේ ඔප්ශන්ස් දෙකට ටික් දෙක දාල 'Rebuild the app' ටච් කරන්න. දැන් ඔයාලට තියෙන්නේ ගේම් එක රීබිල්ඩ් වෙනකන් ටිකක් ඉවසන් ඉන්නයි. ටිකක් ලොකු ගේම් එකක් නම් තේ එකක් බීලා බිස්කට් එකක් කාලම එමු😁☕.
හරි ළමායි දැන් ඉතින් මේ ගේම් එක රීබිල්ඩ් වෙලා ඉවර වුනාම ඔයලට මෙන්න මේ වගේ 'Patch results' කියලා ඩයලොග් බොක්ස් එකක් එයි.

දැන් ඔයාලට තියෙන්නේ මේකෙ 'Go to file' ටච් කරන්න. ඉතකොට ඔයාලට පහල තියෙනව වගේ අපි රීබිල්ඩ් කරගත්ත ගේම් එකේ රීබිල්ඩඩ් ඒපීකේ එක එයි. එක ටච් කරන්න.


ඔන්න දැන් ඉතින් වැඩේ ඉවර වෙන්න ලගයි. දැන් මේ වගේ ඔප්ශන්ස් ටිකක් එයි. මේකෙ 'Uninstall and Install' ටච් කරන්න.


ඔන්න ඉතින් මෙතනදි වෙන්නේ අපි ඉන්ස්ටෝල් කරල තියෙන ගේම් එක අනින්ස්ටෝල් වෙලා අපි දැන් මොඩ් කරපු නැත්තන් හැක් කරපු ගේම් එක ඉන්ස්ටෝල් වෙන එකයි. පහල ස්ක්‍රීන්ශොට්ස් වල තියන පිලිවෙලට කරන්න.

හරි දැන් ඔයාලගේ හැක් කරපු ගේම් එක ඕපන් වෙයි සාමාන්‍ය විදිහට. මේ ඕපන් වුන ගේම් එකේ අපේ සල්ලි පර්චර්ස් කරල Mony/Cash/Coins/Gold/Gems ගන්න තැනට යන්න පහල ස්ක්‍රීන්ශොට් එකේ වගේ.


දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ ඔයාලගේ සල්ලි ගෙවල මේව ගන්න ඕන නෑ. අපි මේක හැක් කරලනේ තියෙන්නේ. ඒ නිසා ඔයාට ගන්න ඕන ඕනම පැකේජ් එකක් ටච් කරන්න. 


මේවගෙන් ඕනම එකක් ටච් කලාම ඔයාලට ඒ පහල පේනව වගේ ඩයලොග් බොක්ස් එකක් එයි 'InApp purchases hack... කියලා.


මේකේ 'Auto-repeat purchases with the current settings' එකට ටික් එක දාලා 'Yes' ටච් කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි. ඔයාලට ඒවා ඕන තරමක් ගන්න පුලුවන්. 



ඔන්න ඉතින් ඒ වඩෙත් හරි. ඔයාල මෙකෙන් ඔන්ලයින් ගේම්ස් හැක් කරන්න නම් යන්න එපා. ඒක වැඩක් නැති වැඩක්. හරි ඔයාලට මේ පෝස්ට් එක තේරුනා කියල මන් හිතනවා. ප්‍රශ්න තියෙනව නම් අදහස් තියෙනව නම් පහල කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අපි තවත් මේවගෙ පෝස්ට් එකකින් මුනගැහෙමු.

මගේ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ පොස්ට් දැම්ම ගමන් ඔයාලට ඊමේල් නොටිෆිකේශන් එකක් එයි ඉතකොට.



Comments

Post a Comment