ෆේස්බුක් අකවුන්ට් එකක් ඩිලීට් කරන්නේ මෙහෙමයි.

            මගේ මේ පෝස්ට් එකෙම් මම කතා කරන්නෙ ගොඩක් අය නොදන්න දෙයක් ගැන. අපි දන්නව ෆේස්බුක් අක්වුන්ට් ඩියැක්ටිවේට් කරන්න නම්. මම මේ කතා කරන්නේ ෆේස්බුක් අක්වුන්ට්  එක් Permanently delete කරන විදිහයි. සමහර අය කියනවා අක්වුන්ට් එක ඩිලීට් කරන්න බෑලු. ඒත් ඔයාල මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ දැනගනියි හරියටම එෆ්බී අකවුන්ට් එකක් ඩිලීට් කරන විදිහ. කතා කලා ඇති දැන් වැඩේට බහිමු.

               ඉස්සෙල්ලම අපට කරන්න තියෙන්නේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකෙන් පහල Delete my facebook account link එකට යන එකයි එය මත Click කරන්න.


ඔයාල ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඉස්සෙල්ලම ඔයාලට ඩිලීට් කරන්න ඕන අකවුන්ට් එකේ Email/Phone සහ Pawssword එක ටයිප් කරලා Log වෙන්න.


අකවුන්ට් එකට ලොග් උනාම පහලින් තියෙන ස්ක්‍රීන්ශොට් එකේ විදිහට පේජ් එකක් එයි ඒකෙත් ආයෙමත් Password එක ටයිප් කරලා 'Submit' බට්න් එක Click කරන්න.


දැන් පහල ස්ක්‍රීන්ශොට් එකේ විදිහට Account successfully sheduled for deletion කියලා මැසේජ් එකක් එයි. දැන් දවස් 14කින් ඔයාගෙ අකවුන්ට් එක ඩිලීට් වෙනවා.
සැ.යු. අකවුන්ට් එක ඩිලීට් වෙන්න දවස් 14ක් යනව. ඒ දවස් 14 ඇතුලත ඔයා අයේ ඒ අකවුන්ට්  එකට ලොග් උනොත් අක්වුන්ට් එක ඩිලීට් වෙන්නේ නෑ.




මීලග ලිපියෙන් හමුවෙමු. පෝස්ට් එක ගැන ප්‍රශ්න තියෙනව නම්/අදහස් තියෙනව නම් comment කරන්න.


Comments